
(මෙම චිත්‍රපටිය සඳහා සිංහල උපසිරැසියක් අන්තර්ජාලයට නිකුත් වන පළමු අවස්ථාව.)
අද මම මේ ඔයාලට උපසිරැසි ලබාදෙන චිත්‍රපටිය ගොඩක්ම වෙනස් තාලෙ එකක්. මම බලල තියෙන චිත්‍රපටි අතරින් වෙනස්ම තේමාවක් තියෙන චිත්‍රපටියක්. චිත්‍රපටියෙ මුල ඉදන් අග වෙනකන් විවිද කාල වලට අයත් පුංචි පුංචි කතා ගොඩක් සිද්ධවෙනවා. චිත්‍රපටියෙ අන්තිම මිනිත්තු කිහිපය වෙනකන් මේක පැටලැවුන නූල් බෝලයක් වඟේ. එකකට එකක් සිදුවීම් පරස්පරයි. ඒත් ඒ සිදුවන හැම සිදුවීමක්ම බොහොම රසවත්. ආදරය, විනෝදය, වේදනාව අපූරුවට දකින්න පුළුවන්. කතාවෙ අවසානයේ මේ හැම පුංචි කතාවක්ම එකට එකතු වෙනවා. මේ චිත්‍රපටිය තවත් විශේෂ වෙන්නේ මෙහි "නීමෝ" නම් ප්‍රධාන චරිතය සඳහා රංගන ශිල්පීන් 5 දෙනෙකුද, "ඇනා", "ජීන්", "එලීස්" යන ප්‍රධාන චරිත සඳහා රංගන ශිල්පිනියන් 9 දෙනෙකුද සහභාගී වීම. නිකන් විකාරයක් වඟේ නේද? නෑ ඒක තමා ඇත්ත. ඒ කියන්නේ චරිත 4ක් වෙනුවෙන් රංගන ශිල්පීන් 14 දෙනෙක්.IMDb අගය 7.8ක් ලබගෙන ඇති මේ චිත්‍රපටිය 2009දි බෙල්ජියමෙ නිශ්පාදනයක්. දාවන කාලය වැඩිකරමින් 2013 නොවැම්බර් 1 ඉඳන් මේක ඇමරිකාවේ ප්‍රදර්ශනය ආරම්භ කරල තියෙනවා. 66වෙනි අන්තර්ජාතික වෙනීස් චිත්‍රපටි උළෙලදි මේ චිත්‍රපටියට The Golden Osella සහ the Biografilm Lancia කියන සම්මාන දෙකත් ලැබිලා තියෙනවා. ඒ වඟේම හත් වෙනි Magritte සිනමා උළෙලදි හොඳම චිත්‍රපටිය සහ හොඳම අධ්‍යක්ෂණය සඳහාද නිර්දේශ වෙලා තියෙනවා. වෙන සම්මාන මොකටද ඔයාලම බලල මේක ගැන තීරනය කරන්නකො. හැබැයි ඉතිං ටිකක් තේරුම් ගන්න අමාරු වේවි.
උපසිරැසි බාල යනගමන් පොඩි comment එකකුත් දාල යන්න. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු!
චිත්‍රපටිය මෙතනින් බාගන්න (700MB/torrent)
සිංහල උපසිරැසිය මෙතනින් බාගන්න.
බයිස්කෝප් අඩවියේ ලිපිය මෙතනින් කියවන්න.
චිත්‍රපටිය මොන වගේද කියල පොඩි අදහසක් ගන්නත් එක්ක official trail video එක පොඩ්ඩක් මෙතනින් බලල ඉන්නකො.
special Mr.Nobody`s quote photos


සියළු කොදෙව්ව බ්ලොග් අඩවියේ ඉදිරිපත් කිරීමකි.
෴we give you all new and first෴
ඔබේ අදහස් පහතින් දක්වන්න.
No comments:
Post a Comment