Thursday, November 7, 2013

මෙන්න පුතේ ඇත්ත.(ජෝක් කතා 04)

☹.ඔබේ තාත්තා දුප්පත් මිනිසෙක්නම් එය ඔබේ ඉරණමයි. එහෙත් ඔබේ මාමණ්ඩි දුප්පත් මිනිසෙක්නම් එය ඔබේ මෝඩකමයි. 
☹.මා ඉපදෙන විට උගත් කෙනෙකි අධ්‍යාපනය මා විනාශ කලේය.
☹.අභ්‍යාස මිනිසා සම්පූර්න කරයි. එහෙත් කිසිම කෙනෙක් සම්පූර්ණ නැත. එසේ නම් මොකට අභ්‍යාස කරනවද?
☹.අප සිටින්නේ අනුන්ට උදව් කිරීමට බව සත්‍යයක් නම් අනුන් සිටින්නේ මොනවා කරන්නද?
☹.මුදල් යනු ජීවිතයේ සියළු දේ නොවේ. මාස්ටර් කාඩ්, ක්‍රෙඩිට් කාඩ්, වීසා කාඩ් වශයෙන් ක්‍රෙඩිට් කාඩ් ද තිබේ.
☹.කෙනෙක් සතුන්ට ආදරය කල යුතුය. උන් හරිම රසයි.
☹.සෑම සාර්ථක පිරිමියෙකු පිටුපස ගැහැනියක් සිටී. සෑම අසාර්ථක පිරිමියෙකු පිටුපස ගැහැනුන් දෙදෙනෙකු සිටී.
☹.සෑම පිරිමියෙක්ම විවහා විය යුතුය. මක් නිසාද යත්, ජීවිතයේ එකම දෙය සතුට නොවන බැවිනි.
☹.ඔබේ අනාගතය රැඳී තිබෙන්නේ සිහින මතය එබැවින් නින්දට යන්න.
☹.සෑම උදෑසනකම අවදි වනවාට වඩා හොඳ ක්‍රමයක් දවස ආරම්භ කිරීමට තිබිය යුතුය.
☹.මහන්සි වී වැඩ කිරීම නිසා කිසිම කෙනෙක් මිය ගොස් නැත. එහෙත් ඒ අවදානම ගන්නේ මොකටද?
☹.දෙවියෝ ඥාතිහූ මැවූහ. දෙවියන්ට පිංසිදු වන්නට අපට අපේ මිතුරන් තෝරා ගැනීමට අවස්ථාව තිබේ.
☹.ඔබ වැඩියෙන් ඉගෙන ගන්නා තරමට, ඔබ වැඩියෙන් දැන ගනී. වැඩියෙන් දන්නා තරමට, ඔබට වැඩියෙන් අමතක වෙයි. ඔබට වැඩියෙන් අමතක වෙන තරමට, ඔබ දන්නේද අඩුවෙනි. ඒ නිසා ඉගෙන ගන්නේ මොකටද?


සියළු කොදෙව්ව බ්ලොග් අඩවිය.

No comments:

Post a Comment