නිවීයන්නට වෙරදරනවා, පහන අද මගෙ පැල්පතේ...
පිපෙන කැකුළත් මලක් වෙන්නෑ, පර වෙලා මල් ගෙමිදුලේ...
පැටවු එක්කලා තනිය විතරයි අද අපේ පෙම් පැල්පතේ...
උඹ ගියත් හරි බතත් රස නෑ, කඳුල විතරයි නෙත් දෙකේ...
සුරා මත් වී උඹට තැළු අත් ගසා ගත්තෙමි මම ගලේ...
පස් මිතුරු කැල දැන් මගේ නෑ, උඹයි දරුවොයි මගේ හිතේ...
උඹට පෙම් කල මගේ හිතනම් වෙනස් වුනෙ නෑ මේ භවේ...
සුරා තොල් ගෑ විටදි මගෙ හිත මගේ නොවුනා ඒ දිනේ...
අමාවක රෑ ගනන් ගෙවුනා පායපන් පුර හඳ මගේ...
මින් මතුත් කිසිදා සුරාවක් තොල් අගට ගන්නෑ මගේ...
උඹයි දරුවොයි මගෙයි පැල්පත හදමු අපි ඉස්සර වගේ...
එක් වරක් මට සමා වී අපෙ පැලට වැඩපන් හාමිනේ...
( සුරාවෙන් අද පවුල් වැනසෙයි පෙම් කරපු හදවත් බිඳී...
අවදි වෙමු අපි තිත තියන්නට රටක් වැනසෙන්නට නොදී... )
--AWIAT--
2014/07/27
Inusha Ambagahawaththa.
niyamai (y)
ReplyDeletethanx
Deletemara arthawath.hoda nirmanayak...
ReplyDeleteබොහොම ස්තූතියි
Deletemaara gathi..keep it !!!
ReplyDeleteබොහොම ස්තූතියි
Delete:-) :-) @-}-- :-) :-)
ReplyDeleteLassanay.
Issarahatath lassana nirmana karanna.
බොහොම ස්තූතියි
Delete