Monday, November 4, 2013

ඉන්දියානුවගේ අපූරු මොළේ!!!

                   නිව්යෝක් නගරයේ ප්‍රධාන පෙලේ බැංකුවකට ගිය ඉන්දියානු ජාතිකයෙක් එහි ණය දෙන නිලධාරියා හමු විය.
"මම බිස්නස් වැඩකට සති දෙකකට ඉන්දියාවට යනවා. මට ඩොලර් 5000ක ණයක් වුවමනයි."
ණය මුදල ලබා දීමට යම් ආකාරයක ඇපයක් බැංකුවට අවශ්‍ය වන බව බැංකු නිලධාරියා පවසා සිටියේය.  ඉන්දියානු ජාතිකයා බැංකුව ඉදිරිපිට නවතා තැබූ තමාගේ අළුත්ම ෆෙරාරි රථයේ ලියකියවිලි සහ වාහනයේ යතුර බාර දුන්නේය.
                   සියලු ලේඛන හරියාකාරව ඇතිබව තහවුරු කරගත් බැංකු නිලධාරියා ණය මුදල වෙනුවෙන් වාහනය ඇපයක් ලෙස භාර ගැනීමට එකඟ විය.
                      ඉන්දියනුවා පිටව ගිය පසු එක් වූ බැංකුවේ සභාපතිවරයා සහ එහි නිලධාරීහූ ඩොලර් 5000ක් වෙනුවෙන් ඩොලර් 250,000ක් වටිනා ෆෙරාරි රථය ඇපයට තැබූ ඉන්දියානු ජාතිකයා පිළිබඳ සිනාසෙන්නට වූහ. අනතුරුව බැංකුවේ සේවකයෙක් විසින් වාහනය පදවාගෙන ගොස් එය බැංකුවේ පොලව යට තිබෙන ගරාජයේ ගාල් කලේය.
                     දෙසතියකට පසුව යළි බැංකුවට පැමිනි ඉන්දියානු ජාතිකයා ඩොලර් 5000ක ණය මුදල ඩොලර් 15.41 පොලියත් සමඟ ගෙවා දැමීය. ණය දෙන නිලධාරියා ඉන්දියානුවාගෙන් මෙසේ ඇසුවේය,
"සර් ඔබ සමඟ අප ගනුදෙනු කිරීමට ලැබීම ගැන බොහොම සතුටු වෙනවා. මේ කටයුත්ත ඉතාම හොඳින් කෙරුනා. නමුත් අපට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔබ මෙහෙන් පිටව ගොස් සිටියදී අප ඔබ ගැන සොයා බැලුවා. ඔබ ප්‍රකෝටිපතියෙක් බව අපි එහිදී දැන ගත්තා. අපට තියෙන ප්‍රශ්නයනම්, ඔබ ඩොලර් 5000 ක ණයක් ගන්න කරදර වුනේ ඇයි කියලයි.
ඉන්දියානුවා මෙසේ පිළිතුරු දුන්නේය,

" මේ නිව්යෝක් නගරයේ මඟේ වාහනය සති දෙකකට ඩොලර් 15.41 ක මුදලකට මට ගාල් කරන්න පුළුවන් තැනක් තියෙනවද? ඊටත් වෙනත් තැනක ගාල් කලා නම් සති දෙකකින් පස්සෙ මම එනකොට වාහනය එතැන තියේවිද?"


every thing in one blog,

සියළු කොදෙව්ව බ්ලොග් අඩවිය.

3 comments:

  1. මරු කතාව....හී....

    ReplyDelete
  2. //ඔබ ප්‍රකෝටිපතියෙක් බව අපි එහිදී දැන ගත්තා. /// ප්‍රකොටිපතියට ලොකු ගේට්ටු දාපු ගෙයක් එහෙම නැතුව ඇති නේද ඔය වාහනේ දාලා යන්න ? හි හි දැන් නම් හිනා ගියා

    ReplyDelete