Sunday, November 3, 2013

Life BBC TV Series S01 E01 සිංහල උපසිරැසි.(Sinhala Subtitles)

            The Life ("ජීවය") කතා මාලාව පළමු කොටස සිංහල උපසිරැසි.
                            අන්තර් ජාලයට නිකුත් වූ පළමු අවස්ථාව                 


                                                  ඔන්න යාළුවනේ මම මඟේ දෙවෙනි උපසිරැසියත් ගෙනාවා. ඇත්තටම දැන්නම් උපසිරැසි කරන එක විනෝදාංශයක් වෙලා. ඒකෙන් මඟේ හිතට දැනෙන සතුට වඟේම අපේ ඉංග්‍රීසි දැනුමත් වර්දනය කරගන්න පුළුවන්.

                                                 ඉතිං මුලින්ම අපි කතාව පටන් ගමුකෝ මම ගෙනාපු උප සිරැසියෙන්. මේ Life කතා මාලාවේ පළවෙනි කොටස, නම Challenges of Life (ජීවයේ අභියෝග). ඔයාල දන්නවා නේද Planet Earth TV Series එක ගැන. ඒක තමයි ලෝකයේ අංක එකට තියෙන කතා මාලාව. IMDb අගය 9.5ක්. ඉතිං ඒ කතා මාලාව හදපු අපේ BBC එකේ කට්ටියම තමයි 2009 දී මේ Life නිශ්පාදනය කරන්නෙත්. මේ කතා මාලාවත් Planet Earth එකට දෙවෙනි වෙන්නෙ නෑ. පළමු කොටස පළමු දර්ශනේදි විතරක් මිළියන 6.4 බලලා තියෙනවා.IMDb එක 9.2ක්.
                                                මේ කතා මාලාවෙත් හඬ නළු ලෙස දායකත්වය දක්වන්නේ Planet Earth එකටත් දායක වුන David Attenborough. ඔයාලට එයාව මතකයිනේ නේද? Merlin TV Series එකේ මකරට හඬ කවන්නේ, Discovery එකේ Frozen Planet එකට හඬ කවන්නෙත් මේ සුපිරි ශිල්පියා තමයි. මේ කතා මාලාව තුලදී ඔහු අපේ දෙසවන් වශී කෘත කරගන්නේ නෙතට දකින දසුන් වලට අපූරු අගයක් එකතු කරමින්.
විනෝදය උදෙසා අපි බලන TV Series අතරට විනෝදය වඟේම මිල කල නොහැකි දැනුමක් ලබා දෙන මේ වඟේ කතා මාලාවකුත් එකතු කරගන්න.
විශේෂයෙන් මේ කතා මාලාව ජීව විද්‍යාව හදාරන හෝ ඒ ගැන ඇල්මක් ඇති කෙනෙකුට ගොඩක් වටිනවා, මොකද මේ කතා මාලාව අවසන් වන විට සියළුම ශාක සත්ව රාජධානි ගැන ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙනව.

                                                මම අද මේ ලබා දීපු කොටසින් කතා කෙරෙන්නෙ, කොහොමද ශාක හා සතුන් එයාලගෙ බාධක ජය ගෙන තම ජීවය තහවුරු කරගන්නේ කියලා, මෙහිදී ජිවී ලෝකයේ ඇති අපූරු අනුවර්ථන, අපූරු හැසිරීම්, උපක්‍රම ගනනාවක් ඔයාලට මේ පළවෙනි කොටසින් බලන්න පුළුවන්. ඒ වඟේම මේ කොටසෙ අවසානයට ඔයාලට දකින්න පුළුවන් BBC කන්ඩායම  මේ දර්ශන රූපගත කරන්න කොයිතරම් මහන්සියක් වෙලා තියෙනවද කියලා, මේ වඟේ වැඩ සටහනක් රූපගත කරන විදිය ගැන ඔයාලට ලොකු අවබෝදයක් මේ කොටසෙ අවසාන මිනිත්තු කීපයේදි ලබාගන්න පුළුවන් වෙනවා.
                                                කියන්න බලන්න ඔයාල දැකලා තියෙනවද ලස්සනට තටු විහිදගෙන මාළු අහසේ පියාඹනවා. නිකන් විකාරයක් වඟේ නේද කියනකොටත්, ඔහ් එහෙනම් ඔයාල Life බලන්නම ඕනි, ඇත්තටම ඔයාලට මාළු පීයාඹනවා විතරක් නෙවෙයි ජීවිතේට සතුන් අතර අපි නොදැකපු සිද්ධීන් ගනනාවක් පළවෙනි කොටසෙදිම දකින්න පුළුවන්.

♥♥♥මේ කතා මාලාව පහසුවෙන්ම Download කරගන්න පුළුවන් හොඳ seeds තියෙන torrent link එකක් මම පහලින් ඔයාලට දීලා තියෙනවා. ඒකෙ මුළු කතා මාලාවෙම කොටස් ටික තියෙනවා, ඔයාලට අවශ්‍ය කොටස තෝරාගෙන බාගන්න. ♥♥♥

සිංහල උපසිරැසිය මෙතනින් බාගන්න


720p DVD Rip (400MB)මෙතනින් බාගන්න


                                             ඉතිං ලිපිය කියවල දැන කියාගෙන උප්සිරැසිය බාගෙන යනගමන් පොඩි comment එකකුත් දාල යන්න. මොකද ඒක මට ගොඩක් වටිනවා. මේ කිසිම දෙයක් මුදල් බලාගෙන කරන දෙයක් නෙවෙයි, ඒ නිසා ඔයාලගෙ වචනය තමයි සතුට. මං මේ කතා මාලාව නිසා වින්ද දැනීම සතුට ඔයාලත් එක්ක බෙදා ගන්න ලැබුනොත් ඒක තමයි මට වටින්නේ.
ඉතිං එහෙනම් ඊලඟ කොටසට උපසිරැසිය සමඟින් ආයිත් ඉක්මනටම හමු වෙමු!
                                 ඔබ සැමට තෙරුවන් සරණයි !

ලිපිය සහ උපසිරැසි නිර්මාණය;
                     ☺☺☺☺☺☺☺☺☺☺☺☺☺

                    ☺  ☺  ☺ ඉනූෂ අඹගහවත්ත ☺ ☺ ☺
                   
☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺



සියළු කොදෙව්ව බ්ලොග් අඩවිය.

මඟේ පළවෙනි උපසිරැසිය(Tinker Bell And The Lost Treasure) ගැන දැන ගැනීමට මෙතනින්

No comments:

Post a Comment