Thursday, September 11, 2014

හුදෙක් මාද මිනිසෙක්ම පමණි ඔබ හා පිළිසඳරේ යෙදෙන (ජීවිතය ; ලිපි 03)



              හිස්කබලක් අරගෙන ඒ මේ අත පෙල්ලමින් ඒකෙ ඇති කෑලි බෑලී ටික ඉගෙන ගන්න අතරෙ, මියගිය සිරුරක් ලග තියන් ඒ අතට මේ අතට කපමින්, ඇති නහර අවයව හොයන්න මහන්සි වෙන අතරෙ, ඒ මොහොතෙ හිතට නොදැනුනත් තනිව ඉන්න මේ වගේ වෙලාවට දැනෙනවා,.ඒ මගේ ග්ලවුස් අතරින් වැක්කෙරුනේ, නහය ලගට ගන්න බැරිතරම් ඒ දුඟද හැමුවේ සෙන්ට් පුයර වලින් එදා වහගන්න දගලපු අද අපි ගාව තියෙනවා වගේම ශරීරයක් නේද කියල...

                                     පුංචි කාලෙ සෙල්ලම් බඩුවකට රන්ඩුවෙන්න ඇති, ඉස්කෝලෙදි කෙල්ලෙක් නිසා කොල්ලොත් එක්ක ගහගන්න ඇති, සමහරවිට කැම්පසුත් ගිහින් උපාධිත් ගන්න ඇති, සමහරවිට ඇගට අතක් තියන්න බැරි ගමේ චන්ඩියෙක් වෙන්න ඇති, නැත්නම් පැල ඉනි වැටට අල්ලපු ගෙදර එකා එක්ක රන්ඩු වෙන්න ඇති, සමහරවිට ලෝක වෙළඳ මද්‍යස්ථානයට බෝම්බ ගැහුවට අල්කයිඩා එකට බැන බැන ඉන්න ඇති, සමහරවිට කසාද බඳින දවසේ මේකප් එකට විතරක් එක්ලක්ෂ පනස්දාහක් වියදම් කරන්න ඇති, හිල්ටන් හෝටලේට ගිහින් රස කෑම වේල් කන්න ඇති, සමහරවිට මන්ත්‍රී කෙනෙක් හරි ඇමතියෙක් හරි වෙන්න ඇති, මැරයො දම්මලා විරුද්ධවාදීන්ව මරවන්න ඇති, සමහරවිට කෙල්ලෝ කොල්ලෝ පිස්සු වැටිල ඉඳපු ගායකයෙක් හරි නිළියක් හරි වෙන්න ඇති, ඒ කවුරු වුනත් අනේ අද කොහෙදෝ ඉන්න කොල්ලෝ කෙල්ලෝ ටිකක් සැතක් අරන් එයාගෙ නහර බඩවැල් ටික කපනවා, ඔළුකට්ට අරන් ඒ මේ අත පෙල්ලලා පාඩම් කරනවා.

                                   මේකද අවසානය? ඔව් ඔය එකක් විතරයි, තවත් සමහරෙක් සෑයක් උඩ පිච්චිලා අළුවෙලා යනවා, තව එකෙක් පණුවො ගොඩක් එක්ක පොළොව ඇතුලෙ සාමෙන් සැතපෙනවා. ඒ අතින් බලනකොට මේ යකඩ ට්‍රොලියක් මත දිගා වෙලා ඉන්න මියගිය මිනිසා තාමත් ජීවත්ව ඉන්න උන් ජීවත් කරන්න වෙරදරන මිනිසුන් ටිකකට පාඩම් කියා දෙනවා...

                                  ඒත් ඒ පාඩම් වලට වඩා මගේ හිතට වැදුන හොඳම පාඩමනම්, කන්නාඩිය ඉස්සරහට ගිහින් මමයි කියල මම දකින මාව මට අයිති කොයිතරම් ටික කාලෙකටද කියලා, මම දන්නෑ කවදාවත් අයිතිවම තිබුනද කියලත්.ඕනිනම් මේ දේවල් හිතල අපිට පුළුවන් ජීවිතේ කලකිරවගන්න, කැලේකට ගිහින් තවුස්දම් රකින්න, ඒත් ඒ පළා යාමට වඩා අද දවසෙ හොඳම දේ නම් අවසානය අපි හැමෝගෙම මොකද්ද කියල තේරුම් අරගෙන කෙටි කාලෙකට ලැබුන මේ ඇඟයි ජීවිතයයි යහපත් විදියට ප්‍රයෝජනේට ගන්න එක, අපි අවසානයේ යන තැන ගැන අපි හැමෝටම එකේක මත ඇති, ඒත් මමනම් දන්නෙ එක දෙයයි, යන තැන කොතනද කියල හොයනවට වඩා අපි දන්නවා අද අපි ඉන්න තැන, යන දවසට අපි මේ ඉන්න තැනට හොඳ දේවල් ටිකක් එකතු කරල යමු, අපි ගැන කතා කරන්න යහපත් දේවල් ටිකක් එකතු කරගමු..මොකද අවසානයෙන් පසු යන තැන කොතන උනත් අරන් යමු මෙතනින් හොඳ මතකයන් ටිකක්, දුකම පිරුනු ජීවිතයක උනත් තත්පරයක් හරි හිනා වෙන්න උත්සහ කරන්න, සතුටින් පිරුන අද දවස හෙටත් ඒ විදියටම තියාගන්න මහන්සි වෙන්න, ආදරය දිය යුතු තැනට පමා නොවී ආදරය දෙන්න, රිදුන පෑරෙන අතීතය අමතක කරන්න, ඔබ නිසා පෑරුන හිත් නිවන්න , ලැබුන ජීවිතය මොකක් උනත් හැකි පමනින් ඒකට තේරුමක් එක් කරන්න මහන්සි වෙන්න..යන දවසට සතුටින් යන්න !!!
එතකන් සතුටින් ජීවිතය විඳින්න...

( මාහා දාර්ශනිකයෙකු වන්නට ඕෂෝ නොවෙමි, මහ බුද්ධිමතෙකු වන්නට අයින්ස්ටයින් නොවෙමි, හුදෙක් මාද මිනිසෙක්ම පමණි ඔබ හා පිළිසඳරේ යෙදුන. වේනම් කන්හැන්දක තරමින් යහපතක් මෙයින් ඔබේ ජීතයට, ජීවිතය ලිපි පෙළම මහ මෙරකි මට )
තෙරුවන් සරණයි !!!
- අයි ඒ ටී අඹගහවත්ත.
2014/09/11
මෙතෙක් පල වී ඇති ජීවිතය ලිපි සියල්ල මෙතනින් කියවන්න.

ඔබේ අදහස් පහතින් දක්වන්න,

14 comments:

  1. pattai machan...supiree..ela

    ReplyDelete
  2. me lipiya godak lassanai..

    ReplyDelete
  3. katha tikanam masuran watinawa

    ReplyDelete
  4. Hmm.ගොඩාක් ලස්සනයි මේ දේවල් අයෙත් ආසවෙන් ඉන්නව අලුත් එකක් කියවන්න

    ReplyDelete
  5. Bohoma watina lipi tikak.

    ReplyDelete