Saturday, January 11, 2014

Mary and Max (2009) | සැබෑ මිතුදම [සිංහල උපසිරැසි සමඟ]


ඔන්න යාළුවනේ මම මගේ තුන් වෙනි උපසිරැසියත් සියළු කොදෙව්ව බ්ලොග් අඩවියට ගෙනාවා. හුරුපුරුදු Animation චිත්‍රපටියක් තමයි මේ පාරත් තෝරගත්තේ. මම මුලින් උපසිරැසි දුන්න චිත්‍රපට දෙක වඟේ මේකත් වෙනස්ම තාලෙ අපූරු චිත්‍රපටියක්. ඉතිං අපි එමුකෝ චිත්‍රපටිය ගැන කාතා කරන්න.
IMDb එකට ගිහින් බැලුවොත් ඔයාලටත් තේරේවි මේක යාළුවනේ සම්මාන බොහොමයක් දිනපු සහ සම්මාන බොහොමයකට නිර්දේශ වුණ, IMDb අගය 8.2 ක් වගේ ඉහළ අගයක් ලබාගත්තු ඕස්ට්‍රෙලියානු චිත්‍රපටියක්. ඔයාල කොහොමත් දන්නවනේ ඕස්ට්‍රේලියාව ඉතින් ළමා වැඩසටහන් නිර්මාණය අතින් ගොඩක් ඉදිරියෙන් ඉන්නවා කියලා, හැබැයි ඉතිං මේ චිත්‍රපටිය ළමයි වෙනුවෙන් විතරක්ම නෙවෙයි. මම මේ කියන එක චිත්‍රපටිය බලනකොට ඔයාලට තේරේවි. අපි හැමෝටම බලන්න හොඳ චිත්‍රපටියක්.
කතාව ගැන කිවුවොත් මේ කතාව දිවෙන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයට නුදුරින් ජීවත් වෙන අවුරුදු 8ක පුංචි ගැහැණු ළමයෙකු සහ ඇමරිකාවේ නිවුයෝර්ක් නගරයේ ජීවත්වෙන අවුරුදු 44ක් වයසැති පුද්ගලයෙකු අතර ඇතිවන අපූරු පෑනේ මිතුදමක් ගැනයි. දැන් ඔයාල හිතනවා ඇති අවුරුදු 8ක කෙල්ලෙකුයි මැදි වයසේ වැඩිහිටියෙකුයි අතර ඇතිවෙන මිත්‍රත්වය මොකක්ද කියලා. ඒත් ඒකට පිළිතුරු දෙන්න ගියොත් මට කතාව කියන්න වෙනවා. ඒනිසා ඔයාලම ඒකට උත්තරේ චිත්‍රපටිය බලන ගමන් හොයාගන්නකො. සැබෑ මිතුදම ගැන, ජීවිතය ගැන වගේම සමාජයේ යථාර්ථය වැඩිහිටි සහ ළමා ඇසකින් දකින ආකාරය ඉතාමත් සරල රූ පෙළකින් අපි වෙතට ගෙන හැර දක්වන චිත්‍රපටියක්. අඩුවක් නැතිව බලල විනෝද වෙන්නත් පුළුවන්. හැබැයි ඇහැට කඳුළක් එක් කරමින් අවසන් වේවි. ඔයාලම බලල තවත් මේ ගැන තීරණය කරන්නකො.
උපසිරැසි බාගෙන යනගමන් පොඩි comment එකකුත් දාගෙනම යමු එහෙනම් ඉකමනින්ම තවත් උපසිරැසියකින් හමුවෙමු!

685 downloads

බයිස්කෝප් අඩවියට මා ලබාදුන් ලිපිය මෙතනින් කියවන්න

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉනූෂ අඹගහවත්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

No comments:

Post a Comment