
ඉතිං යාළුවනේ, මුලින්ම කියන්න ඕනි මේ මඟේ පළවෙනි උපසිරැසිය. ඒ වඟේම මේක මං අන්තර්ජාලයට නිකුත් කලේ ඊයෙ, ඒ http://subscene.com/ වෙබ් අඩවියට. ඉතාමත් සතුටින් කියන්න්න කැමතියි ඒ තමයි මේ චිත්‍රපටියට සිංහල උපසිරැසියක් අන්තර්ජාලයට නිකුත් උන පලවෙනි අවස්ථාව. දැන් හුඟ කාලෙක ඉඳන් මම අන්තර්ජාලයෙන් උපසිරැසිය බාගන්නවා. ඉතින් මටත් හිතුනා චිත්‍ර පටයකට උපසිරැසි කරන්න ඕනි කියල. ඉතිං ඒ හින්ද මුලින්ම වැඩේට අතගැහුවෙ පුංචි අපේ චිත්‍ර පටියකින්.
මේ චිත්‍ර පටිය තෝරගන්න විශේෂ හේතුවකුත් තියෙනවා. මොකද මම මේ චිත්‍ර පටිය බැළුවෙ ඉංග්‍රීසි උපසිරැසි වලින්, මව් භාෂාවෙන් බලනවා තරම් කොච්චර උනත් ඒකේ රසය මදි. මේ චිත්‍ර පටියට සිංහල උපසිරැසියක් අන්තර්ජාලයට නිකුත් වෙලා නොතිබුන නිසා මන් හිතුවා මමම ඒක කරන්න ඕනි කියල. හැබැයි ඉතින් මට ඒකට දවස් 3ක්ම ගියා. පළමු එක උනත් මම හිතනව අඩු පාඩුවක් නැතුව කලා කියලා.
චිත්‍රපටිය ගැන කිව්වොත් මුලින් කිව්ව වඟේම පුංචි ළමයින් අරඹයා නිර්මානය කල ලස්සන තේමාවක් තියෙන ලස්සන චිත්‍ර පටියක්. Tinker Bell චිත්‍රපට මාලාවේ චිත්‍රපට 5ක් මේ වෙනකොට නිකුත් වෙලා තියෙනවා. තව 2ක් 2014 සහ 2015 දී එන්න නියමිතයි. මේ 3වෙනි චිත්‍ර පටිය.
ඇත්තටම මේ චිත්‍රපටිය මම මුල ඉදන් අග වෙනකන් බැළුවෙ හරිම ආසාවෙන්. ලොකු පොඩි හැමෝටම එකට ඉඳන් බලන්න පුළුවන් ආස හිතෙන කතාවක්.
අනික හොඳට seeds තියෙන 720p link එකකුත් තියෙනවා 350MB විතරයි, රූපත් හොඳටම පැහැදිලියි.
කතාව සරලව ගලාගෙන ගියත් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. හොඳ යාළුවන්ගේ තියෙන වටිනාකම, සමාව ඉල්ලිම වඟේම සමාව දීමේ ඇති වැදගත් කමත් කතාව පුරාවට කියා දෙනවා. සඳ පාෂාණය සහිත සෙංකෝලයක් වටා ගෙතෙන මේ කතාවෙදි අපිට බලාගන්න පුළුවන් ටින්කර් බෙල් එයාට එන බාධක වලට කොහොමද මූන දෙන්නේ, කොහොමද ඒ වලින් ජය ගන්නේ කියල.
සිංහල උපසිරැසිය මෙතනින් බාගන්න.
(චිත්‍රපටිය බාගැනීම සඳහා)
350MB වන 720p BrRip එක මෙතනින් බාගන්න.
710MB XviD DVDRip එක මෙතනින් බාගන්න.
බයිස්කෝප් අඩවියේ ලිපිය මෙතනින් කියවන්න.
කිසිම මූල්‍ය වාසියකින් තොරව මේ දේ කරන්නෙ හිතට දැනෙන සතුටටමයි, ඉතින් ඒ නිසා ඔයාල දාන Like එක Comment එක මට ගොඩක් වටිනවා..
ඒ වඟේම මං බාලපොරොත්තු වෙනවා මේ උපසිරැසිය වඟේම ඉදිරියේදි කරන උපසිරැසිත් baiscopelk.com වෙබ් අඩවියටත් ලබා දෙන්න. ඒ නිසා ඔයාලට ඉදිරියේදි බයිස්කෝප් අඩවියෙනුත් මඟේ උපසිරැසි බාගැනීමට හැකි වේවි.
අළුත් උපසිරැසියකින් හමුවෙමු, එතෙක්,
෴ ඔබ සැමට තෙරුවන් සරණයි ෴
ලිපිය හා උපසිරැසි:-ඉනූෂ අඹගහවත්ත.
එල මචෝ සුපිරි වැඩක්... බයිස්කෝප් එකත් එක්ක සෙට් වෙයං...
ReplyDeleteඉඩක් හම්බුනොත් අපේ පැත්තෙත් වරෙන්........ http://csklanka.blogspot.com
word verifications අයින් කරපන් බං.. කමෙන්ට් දාන්න අමාරුයි
හරි මචං ඔන්න අයින් කලා... ආ...
Deleteතාම අළුත්නේ බං...