Wednesday, November 6, 2013

මහා සාගරයකින් පුංචි දිය දෝතක්. දිගු ගමනක පුංචි ආරම්භයක්. "ජීවිතය" (ජීවිතය ලිපි 01)

මහා සාගරයකින් පුංචි දිය දෝතක්. දිගු ගමනක පුංචි ආරම්භයක්. "ජීවිතය"

                            ලෝකය එලිය කරන හිරුවත්, රාත්‍රිය නිවන සඳුවත් නොවෙමි. ඝනඳුරක දිලෙන පුංචි කණාමැදිරි එළියෙත් ගත යුත්තක් ඇත. යොමන්න ඔබේ සිත මොහොතකට, මොකක්ද ජීවිතය? අපි මේ ලෝකයේ ඉපදුනේ ඇයි. ඇත්තටම ඇයි අපි ඉපදුනේ? මේ ජීවිතයේ අර්ථය මොකක්ද? මොනවා වෙනුවෙන්ද අපි ජීවත් වෙන්නේ? මොකක් කරන්නද? කවුරු වෙන්නද? ඇත්තටම මම කවුද? ප්‍රධානම ප්‍රශ්නෙ, මේ හැම ප්‍රශ්නෙකටම මම හරිම පිළිතුර දන්නවද?
                                                           අපි එහෙනම් අද ඉදන් කතා කරමු ජීවිතය ගැන. අපි හැම කෙනෙකුටම එක එක හීන තියෙනවා, හීන තිබුනා. බොහොමයක් හීන හැබෑ වුනාද? සමහර ඒවනම් නෑ.. වෙලාවකට හිතෙනවා හැමදේම හීනයක් වුනාද කියලත්. ඒත් තාමත් අපේ හිත් වල හීන පොදියක් තියෙනවා. පුංචි කාලෙ ඉඳන් හිතේ තිබුන බොහොමයක් හීන හැබෑ නොවිලත් ඇයි අපි තාමත් හීන පොදි බැදගෙන ඉන්නේ?  මොකද ඒ හීන අපිව අද ජීවත් කරවනවා, හෙටක් වෙනුවෙන්. වෙනස, අපි ඒ හීන හිතේ විතරක් ඇතිවුන සිතුවිල්ලක් පමනක් බවට පත් කලා. මෙච්චර කාලයක් කලේ ඒක, ඒ නිසා බොහොමයක් හීන හීනම විතරක් වුනා. ඇත්තටම බොඳ වෙලා ගිය හැම හීනයක්ම අපිට අහිමි වුනේ අපි උපරිම වීර්‍යයක් දීලද? නෑ, අපි ඕනිම කෙනෙක් කියනවා, " මම තව ටිකක් හොඳට මහන්සි වුනානම් මීට වඩා හොඳට කරන්න තිබුනා." හැමෝම එහෙම කියනවා. අපි ප්‍රාර්ථනා කරපුවා ඒ විදියටම නොලැබුනාම අපි දුක් වෙනවා. ජීවිතේ වටිනාම බොහෝ කාලයන් වැය කරනවා ඒ අහිමි වුන දේවල් වෙනුවෙන් දුක් වෙන්න.
                                                         ඒත් මේ අදත් අපිට බොහොමයක් ලැබුන දේවල් තියෙනවනේ. හැරිලා බලන්න වට පිට, ඔයා ජීවත්වෙන. ඒ හැම දේම සතුටම දෙනවා නොවෙන්න පුළුවන්. ඒත් ඔයාට වෙන්වුන ජීවිතයක් ඔයාට තියෙනවා.  හැබැයි, "මම හිතපු විදියට නෙවෙයි" "මට ඕනි වුනේ මේ දේ නෙවෙයි" "නොදකින් මඟේ කරුමෙට මෙහෙම වුනේ...මෙයාව හම්බුනේ..." මේ වඟේ නානාප්‍රකාර දේවල් කියනවා, මොකකටද? අපේ ජීවිතයට. මොකද, අමතක කරන්න එපා මේ අපේ වටපිටාව තමයි අපේ ජීවිතය. අපි මොනවා ප්‍රාර්ථනා කලත්, මොනවා හීන දැක්කත් මේ තමයි අපේ ජීවිතය. ඒ ජීවිතය තුලින් අද අපි කවුද කියලා තේරුම් ගන්න. කිසිමදාක හීන දකින එක නවත්තන්න එපා, විශ්වාසය නැති කරගන්නෙපා, බලාපොරොත්තුව අතහරින්න එපා. ඔබ හීන දකින මිනිසා අද ඔබ තුල සිටින මිනිසාගෙන් නිර්මාණය කරන්න හැමවිටම උත්සහ කරන්න. බොඳ වී නොයා හීනයේ ලඟට හෝ යන්නට හැකිවේවි.
                                                       ඔබේ හීන ජීවිතය පුරාවට යහපත් පරිදි යාවත්කාලීන කරන්න. ඔබ ඉපදුනේ මොකටද? මොනව කරන්නද? ඒ හීන හැබෑ කරන්න ඒ වෙනුවෙන් හඹායන්න. බලාපොරොත්තුවක් ඇතුව සෑම විටම ජීවත් වෙන්න. අවසානය කුමක් වුවත් ඔබට හිමි වට පිටාවට ආදරය කරන්න. ඔබේ දේ වලට ආදරය කරන්න. ඔබේ අයට ආදරය කරන්න. ඔබේ ජීවිතයට ආදරය කරන්න. මොකද අපි මේ මිහිතලය මත ඉපදුනේ, යම් දෙයක් කරන්න, අපිට වැඩ කොටසක් තියෙනවා තාමත් කරන්න. ඒ වෙනුවෙන් ජීවත් වෙන්න. ඒ තුලින් ජීවිතය ලස්සන කරගන්න. ඔබ ලඟින් වෙසෙන ජීවිතත් ඒ සමඟම ලස්සන වේවි.
ජීවන ගමන සතුටින් ගෙවීමට මේ "ජීවිතය" නම් ලිපි පෙලින් යන්තම් හෝ දහිරියක් ලැබේනම් එයයි මේ කර්‍යයෙහි එකම පැතුම.
තවත් ජීවිතය ගැන කතා කරන්න මතු දිනක හමුවෙමු,
එතෙක් ඔබ සැමට,
               තෙරුවන් සරණයි!
මම , අයි ඒ ටී අඹගහවත්ත.                                                                                           ජීවිතය ලිපි 01 


සියළු කොදෙව්ව බ්ලොග් අඩවිය.

                                                                                                                                 

No comments:

Post a Comment