Tuesday, December 3, 2013

නැගනියට කියන කවි (01) [ඇය ඉපදුන දා]

 
සුළං හමයි ගස් කොල වැල් සිලි                    සිලියේ
විහඟුන් සරයි මල් පිපිලා                    සැණකෙලියේ
කොවුලන් ගී ගයයි බඹරුන් රඟ                 දෙන්නේ
සුරතල් සිනහවකි පවුලට එක්                      වන්නේ

සතුටින් පිරෙයි අද අයියන්ඩියකි                         මම
නැගනිය නිදයි මවගේ ඇකයේ                         සුවට
මා පිය සිනහවෙන් පිරිලා මුව                   බොහොම
දුප්පත් ගෙදර අද රජ මැදුරක්                         ලෙසය

හිරුගේ රශ්මියත් අද සිසිලයි                          වාගේ
ගස් වැල් මල් පිපී සුවඳයි ගෙන                   එන්නේ
පුංචි කුරුළු පැටවුන් කිචි බිචි                        නාදේ
ගම්මානේට අද නැළවිලි ගී                        ඇසුනේ

අයියෙකු ලෙසින් ඔබෙ රැකවරණය           වෙන්නම්
හරිදේ වැරදි දේ මම පෙන්වා                     දෙන්නම්
ජීවන ගමනේ ඔබ ඉහලට ගෙන                  යන්නම්
හැමදා නුඹේ සෙවනැල්ලම වී                     ඉන්නම්
                                                                                               LIKE THIS
පද්‍ය නිර්මාණය- ඉනූෂ අඹගහවත්ත.
 ලිපිය කියවූ ඔබට ස්තූතියි!!!

No comments:

Post a Comment