Wednesday, November 27, 2013

අම්මා...


දස මස දරා මෙතෙකුත් නුඹ දුක්                            වින්දා
බිහිවූ මාව රැකුමට නුඹ උර                                   දුන්නා
කරදර විපත් වලදී මා රැක                                    ගන්නා
අම්මා නුඹයි සසරේ මා ලඟ                                  ඉන්නා

ගඟට දෙවුර සේ නිසි මග පෙන්වන අපෙ                අම්මා
මහ රුක් සෙවන සේ සිසිලස ගෙනෙ දෙන අපෙ      අම්මා
ඔරුවට හබල සේ දිවියට දිරි දෙන අපෙ                  අම්මා
බැරි වූ කලට රැක ගන්නෙමි මඟෙ ආදර                  අම්මා

ලොවතුල ඝන අඳුර පැතිරී තිබෙන                            කල
නිසි මඟ සොයා පිළිසරණක් නැතිවු                          කල
පහනක් වෙලා ආලෝකය දුන්                             මෙකල
අම්මා නුඹයි මඟෙ දිවි මග එකළු                              කල

සඳ රැස් ලෙසින් ඔබෙ සෙනෙහස                     උතුරනවා
පහනක් ලෙසින් ආලෝකය ගෙන                       දෙනවා
කවියක් ලෙසින් දිවියම මිහිරක්                          වෙනවා
මා හැදු වැඩූ අම්මා මතු බුදු                                 වෙනවා

ඇතිවී තිබේ නම් දුක් සැම                              නැති වේවා
නැති වී තිබෙන හැම සම්පත්                           ලැබ දේවා
තිබෙන රෝග පීඩාදිය                                      දුරු වේවා
සසරින් සසර නුඹ මඟෙ                                අම්මා වේවා


පද්‍ය නිර්මාණය- ඉනූෂ අඹගහවත්ත.                                                                                         2013/11/27
-සියළු කොදෙව්ව බ්ලොග් අඩවිය-

No comments:

Post a Comment