Friday, November 8, 2013

Life BBC TV Series S01 E02 සිංහල උපසිරැසි.(Sinhala Subtitles)

                     The Life ("ජීවය") කතා මාලාව දෙවන කොටස සිංහල උපසිරැසි.
                                    අන්තර් ජාලයට නිකුත් වූ පළමු අවස්ථාව   

                                       
                                                 ඔන්න යාළුවනේ පොරොන්දු වුන විදියටම Life TV Series එකේ දෙවෙනි කොටසටත් උපසිරැසි ගෙනාවා. මේ කොටස ගැන කිව්වොත්, මේ කොටසින් කතා කරන්නේ උරගයින් සහ උභය ජීවීන් ගැන. අපි කිසිම දිනක උරග ලෝකයේ නොදැකපු අපූරු දර්ශන ගනනාවක් ඔයාලට මේ කොටසින් බලාගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන්ම ලෝකයේ පළමු වතාවට කොමොඩෝ මකරුන්ගේ දඩයම් කිරීමේ දර්ශන රූපගත කිරීමට BBC කන්ඩායම සමත් වෙලා තියෙනවා. ඔයාලත් බලන්නකො, ඇත්තටම මට ඒක දැක්කම පුදුම හිතුනා මේ සත්තු මේ තරම් බුද්ධිමත්ද කියල, මේ කොටස අවසානයේ ඔයාලට හිතේවි ජුරාසිප්පාර්ක් යුගයේ නාට්‍යයක් බැළුවා කියල. ඒත් මේ අපේ ලෝකෙම අපි නොදුටු දර්ශන. ඉතින් වැඩිය විස්තර අවශ්‍ය නෑ, පලවෙනි ලිපියෙන් ඔයාල දැනගන්න ඇතිනේ මේ කතා මාලාව ගැන විස්තර. පළවෙනි කොටස බැළුවනම් ඔයාල දැනටමත් දන්නවා ඇතිනෙ කතා මාළාව කොයිතරම් අපූරුද කියලා. එහෙනම් දෙවෙනි කොටසත් බලලම මේ ගැනත් තීරනය කරන්නකො,
 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න.
 

720p DVD Rip මෙතනින් බාගන්න.
 (මෙහි සියළුම කොටස් අන්තර්ගත අතර ඔබට අවශ්‍ය කොටස පමනක් බාගත කරගන්න)
 

ලිපිය සහ උපසිරැසි නිර්මානය,
ඉනූෂ අඹගහවත්ත.
සියළු කොදෙව්ව බ්ලොග් අඩවිය.


(මේ වෙනකොටත්(2013/11/08) මේ කතා මාළාවට සිංහල උපසිරැසියක් වෙන කිසිවෙක් නිකුත් කරලා නෑ. මං බලාපොරොත්තු වුනා සියළුම කොටස් වලට උපසිරැසි මඟේ බ්ලොග් අඩවියට සහ බයිස්කෝප් අඩවියට ලබා දෙන්න. නමුත් ඉදිරියේදී බයිස්කෝප් වෙබ් අඩවිය මඟින් මේ කතා මාලාවට සිංහල උපසිරැසි ලබා දීමට තීරනය කර තිබෙනවා, ඒ නිසා ඉතිරි කොටස් වලට උපසිරැසි ඔබට පහසුවෙන් එම වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි. මොකද දැනටම අපෙ සහෝදරයෙක් බයිස්කෝප් අඩවියෙන් මේ කතා මාළාව වෙන් කරගෙන. ඉතිං මං හිතුවා ඔහුට ඒ අවස්ථාව දීලා මම අළුත් කතා මාළාවකට යන්න. මොකද මේ අළුත් කතා මාලාව ගොඩක්ම විශේෂ එකක් වඟේම ගොඩක් වෙනස් දෙයක් නිසා. ඒ කතා මළාවේ සියළුම උපසිරැසි මුළින්ම ඔබට මේ බ්ලොග් අඩවියෙන් ලබා ගත හැකි අතර, පසුව බයිස්කෝප් අඩවියෙන්ද ඒ උපසිරැසි ලබා ගත හැකියි. දැනටම මම ඒක වෙන් කරගෙන නිසා ඒකටනම් කවුරුවත් ඇඟිලි ගහන එකක් නෑ කියලා හිතනවා. එහෙනම් ඒ අළුත් කතා මාළාවත් සමඟින් නැවත හමු වෙමු.)

No comments:

Post a Comment