Thursday, November 14, 2013

Human Planet BBC (2011) [S01:E01] (අපේම වූ ලෝකයක) සිංහල උපසිරැසිය (Sinhala Subtitle)


                                              ඉතිං යාළුවනේ ඔන්න අද මම ඔයාල හමුවට එන්නේ IMDb අගය 9.2ක් තරම් ඉහල අගයක් වුන Human Planet කතා මාලාවේ පළවෙනි කොටසට උපසිරැසිය සමඟින්. BBC මාධ්‍ය ජාලය මඟින් නිශ්පාදනය කරපු මේ කතා මාලාව අවුරුදු 3ක් රටවල් 40ක් පුරා රූපගත කිරීම් කරල තියෙනවා. එමෙන්ම රටවල් 16ක චැනල් 19ක් ඔස්සේ මෙය ප්‍රදර්ශනය කරලත් තියෙනවා. මේක සුපිරි කිව්වේ ඇයි කියල මුලින්ම ඔන්න සාක්ෂි ටිකක් දුන්නනේ. හැබැයි ඔයාල මේක බැළුවොත් හිතයි මේක හිතුවටත් වඩා සුපිරි කියල. මොකද මේ කතා මාලාව අපිට ඒ තරම් සමීපයි. මේකෙන් කතා කරන්නේ අපි ගැන. අපේ අපූර්වතවය ගැන. සොබාදහමේ බිහිසුනු බව හා සුන්දරත්වය මිනිස් ජීවිත හා බැඳී ඇති අපූරුව, ලෝකයේ විවිද ඉසව්වල ජීවත් වන මිනිසුන්ගේ විස්මිත බව ඔයාලට මේ මඟින් දකින්න පුළුවන්. විනෝදය උදෙසා බලන TV Series ගොඩට විනෝදය සමඟ වටිනා දැනුමකුත් ලබා දෙන මේ වඟේ කතා මාලාවකුත් එකතු කරගන්න.  


                                           මම මේ උපසිරැසි අරගෙන ආපු පළවෙනි කොටසින් කතා කරන්නේ, සාගරය හා ඒහා බැඳුනු අපූර්ව මිනිස් ජීවිත ගැනයි. ඔයාලම බලල තීරනය කරන්නකො. මේ කතා මාලාවේ ඉතිරි කොටස් වලට ම පරිවර්ථනය කරන උපසිරැසිත් ඔයාලට ඉක්මනින්ම සියළු කොදෙව්ව බ්ලොග් අඩවිය මඟින් ලබා ගන්න පුළුවන්. එහෙනම් ඊලග කොටසට උපසිරැසිය සමඟින් ඉක්මනින්ම හමු වෙමු. උපසිරැසිය බාලා මේ පැත්තෙ ඇවිත් යන එන ගමන් ගුණ දොස් කියල comment එකකුත් දාල යන්නකෝ. ඒක ඉදිරි නිර්මාණ වලට ලොකු ශක්තියක් වේවි.
(මෙම කතා මාළාවට සිංහල උපසිරැසියක් අන්තර්ජාලයට නිකුත් කල පළමු අවස්ථාව.) 

සිංහල උපසිරැසිය මෙතනින් බාගන්න. 

පළවෙනි කොටස (500MB/HDTV) මෙතනින් බාගන්න. 
                                      හෝ 
පළවෙනි කොටස (700MB/HDTV) මෙතනින් බාගන්න. 
(මෙහි සියළුම කොටස් අන්තර්ගත අතර ඔබට අවශ්‍ය කොටස පමනක් බාගත කරගන්න)

කතා මාළාවේ official Trail Video එක මෙතනින් බලන්න. ඒකෙනුත් ඔයාලට පුළුවන් කතාව කොයිතරම් අපූරුද කියල තීරනය කරන්න.

                                                      

කතා මාළාව ගැන තවත් විස්තර ඔයාලට මෙතනින් දැනගන්නත් පුළුවන්.

ලිපිය හා සිංහල උපසිරැසි නිර්මාණය- ඉනූෂ අඹගහවත්ත.

                                     -තෙරුවන් සරණයි-

සියළු කොදෙව්ව බ්ලොග් අඩවිය

4 comments:

  1. අපිත් දැන් එනවෝ,,,
    www.mrurealpage.blogspot.com

    ReplyDelete
    Replies
    1. එල එල මාත් බැළුවා උබේ blog එක. පට්ට ගති ආ...

      Delete
  2. sudu math blog ekak hheduwa.... umben post tikak horakan karannada ekata ;)

    ReplyDelete