Tuesday, April 28, 2020

තොට ලඟ මහ කුඹුක් ගහ


හංදිය පහුවෙලා නැගගෙන රෝද දෙකේ
දුම් දූවිලි අතර තඩි ලොරි මූණක රූපේ
දැක්ක ගමන් වංගුව ගාවින් අයිනේ
බයිසිකලය මං පොඩ්ඩක් අයින් කලේ

මහ කොට කඳන් පටවාගෙන යන හනිකේ
සුපුරුදු බවක් හිත ඇතුලට කාවැදුනේ
සුසුමක් හෙලා මිය ගිය කඳ දැක මසිතේ
මහගේ පැත්තටයි මම පැදගෙන යන්නේ

කලුවා එක්ක මං ඔන්චිල්ලාවක් බැන්දේ
මහා ගහ යටයි අපි කවුරුත් එකතු උනේ
දහඩිය හලන මිනිසුන් ගුරු පාර දිගේ
සිසිලස විඳින්නයි ගහ යට නතර උනේ

රෙදි ටික තියල ගහ මුල ගඟ පාමුලම
සෙවනක සුවෙන් දිය කෙලිනා දරුවන්ව
තුරලට රැගෙන රැකගත් මහ රුක් කුඹුක
කඳුළු තිබුනා මග දිගටම ගඟ දෙසට

පබැඳුම - ඉනූෂ අඹගහවත්ත


3 comments:

  1. වාව්. නියම හිතට දැනෙන කවි ටික අයියේ ❤

    ReplyDelete
  2. Nethumi WeerasingheApril 28, 2020 at 1:34 PM

    Ekanam hithata denuna kawi tikak. Thawa liyanna. ��

    ReplyDelete
  3. සුදු මල්ලිApril 28, 2020 at 1:35 PM

    ලස්සනයි ❤❤❤❤

    ReplyDelete