Wednesday, February 1, 2023

සංසාර ගමන


නොපෙනෙනා ඉමක් නැති මහා සාගරයක්
සිතුවිලි විතරමයි එකම එක ගමනක්
ඈත සුදු පාටින් ලස්සනයි දසුනක්
යන්න හිත දෙන්නේම නිවනටම පමණක්

හිත ඔහේ සැරිසරයි සංසාර ගමනේ
සිතුවිල්ල ඉන්ධනයි නොනවතින ගමනේ
එක තැනක නවතින්න බෑ සසර ගමනේ
නැවතීම නිවනමයි එයයි මඟ සසරේ

විඳවීම බොහෝ වැඩියි සංසාර ගමනේ
දුක් සෝ සුසුම්මයි වැඩියෙන්ම ලැබුනේ
කරපු පිං පසු පසින් එන විටදි පවනේ
ගමන හරි සුන්දරයි බිය නොවන් සසරේ

- ඉනූෂ අඹගහවත්ත



No comments:

Post a Comment